Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices) icône

1.1.5 by Chamela Aluthgedara


Aug 23, 2021

À propos de Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices)

Français

(ඇන්ඩ්‍රොයිඩ් 5.0 ) .

නමෝ බුද්ධාය!

'සුගතියට මඟ' යෙදුම දෛනික ජිවිතයේ කාර්‍යබහුල පින්වත් ඔබ සදහා මහගු පිටුවහලක් වීම සදහාත්, නිර්මල ධර්මය පිපාසාවෙන් සිටින, මේ ජිවිතයේ දී ම උතුම් චතුරාර්‍යසත්‍ය දැකීමට උතුම් චතුරාර්‍යසත්‍යාබෝධය පිණිස අයෝමය වීර්‍යකින් සිටින කුසලයට ප්‍රිය සියලු දෙනාගේම ධර්මාබෝධය පිණිසත්, උතුම් ධර්ම දානමය කුසලය පිණිසත් නිර්මාණය කරන ලදී.

*මෙම යෙදුමේ විශේෂතා*

පින්වත් ස්වාමීන්වහන්සේලා විසින් සිදු කරනු ලැබූ සුන්දර ධර්ම දේශනා එකතුවක් ද සහිතය.

- අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ.

- අති පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ.

- අති පූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේ.

- අති පූජනීය ගලිගමුවෙ ඤාණදීප ස්වාමින්වහන්සේ.

- අති පූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ.

- අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.

- අති පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමින්වහන්සේ.

- අති පූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින්වහන්සේ.

- අති පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ.

- අති පූජනීය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ.

තවත් විශේෂාංග,

- පිං පොත (ඔබ කරන සියලුම පිංකම් මෙහි සටහන් කර නිතරම කියවන්න).

- රුවන් වැකි එකතුවක්.

- පින්බර දසුන් (ඔබත් දැක බලා පහන් සිතින් අනුමෝදම් වන්න).

- දුර්ලභ ලිපි එකතුවක් (ස්වයංක්‍රීයව කියවා ගැනීමේ පහසුව).

- පිරිත් සූත්‍රයන්.

- සදහම් ලේඛන:

* මහරහතුන් වැඩිමඟ ඔස්සේ - අතහැරීම ලිපි පෙළ.

* සූත්‍ර පිටකය.

* ධම්මපද කතා.

* පන්සිය පනස් ජාතක කතා.

* අති උත්තම පරම පූජණීය නා උයනේ අරියධම්ම මහනායක හිමි රචිත ග්‍රන්ථ.

* අති උත්තම පරම පූජණීය රේරුකාණේ චන්දවිමල මහනායක හිමි රචිත ග්‍රන්ථ.

- ඉතා දුර්ලභ දහම් කරුණු පැහැදිලි කිරීම්.

- සිරස FM 'පන්සිල් මළුව', 'විදර්ශනා රාත්‍රිය' මෙතෙක් විකාශය වූ සියළුම කොටස් (මහරහතුන් වැඩිමඟ ඔස්සේ - Maha Rahathun Wadimaga Osse)

ලිපි කියවීමට අපහසු ඔබට, එය ස්වයංක්‍රීයව කියවා ගැනීමේ පහසුකම ලබා දී ඇත. එමෙන්ම පින්වත් ඔබ සැමට සියලුම දානයන් අතරින් අග්‍රම දානය වන, උතුම් ධර්ම දානමය කුසල් රැස් කරගැනීම පිණිස මෙහි ඇති සියලුම ලිපි, රුවන් වැකි තවත් බොහො දෑ බෙදා හැරීමේ (share) පහසුකමද ඇතුළත්ය. පිරිත් සූත්‍රයන්ගේ පාලි හා සිංහල තේරුම ද සහිතව මෙහි ඇතුලත් කර ඇත.

ඉතා සුන්දර, ඉතා දුර්ලභ දහම් කරුණු, සද්ධර්ම දේශනා, පිරිත් සූත්‍රයන් හා ලිපි එක් රැස්කර, මෙම 'සුගතියට මඟ' යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන කුසල් බෙලෙන්, මේ රටත්, මේ උත්තම සම්මා සම්බුද්ධ ශාසනයත් රැක ගැනීම පිණිස අප්‍රමාණ මෙහෙවරක් කල ඒ උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ වන අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ගෞරවනීය ස්වාමින්වහන්සේටත් අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේත් අනුමෝදම් වෙත්වා !!! ඉක්මන් භවයක දී පින්වත් හිමියන් උතුම් චතුරාර්‍ය සත්‍යාබෝධයම වේවා !!! ඒ වගේම අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ගෞරවණීය පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය ගලිගමුවේ ඥාණදීප පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය මාවරලේ භද්දිය පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කිරුළපන ධම්මවිජය පින්වත් ස්වාමින්වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා !!!

ඒ වගේම මේ රැස් වෙන්නා වූ සෑම ධර්ම දානමය පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා ... !!!

මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා !!!

එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට, උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා !!! උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!

තෙරුවන් සරණයි... !!! සුවපත් වේවා ... !!!

Quoi de neuf dans la dernière version 1.1.5

Last updated on Aug 23, 2021

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Chargement de la traduction...

Informations Application supplémentaires

Dernière version

Demande Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices) mise à jour 1.1.5

Nécessite Android

5.0 and up

Available on

Télécharger Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices) sur Google Play

Voir plus

Sugathiyata Maga | සුගතියට මඟ(For low-end Devices) Captures d'écran

Charegement du commentaire...
Langues
Recherche en cours...
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Abonné avec succès!
Vous êtes maintenant souscrit à APKPure.
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Succès!
Vous êtes maintenant souscrit à notre newsletter.